Home උණුසුම් පුවත් වාර්තාවෙන් එළියට ආ පාපන්දු සම්මේලනයේ වංචා දූෂණ

වාර්තාවෙන් එළියට ආ පාපන්දු සම්මේලනයේ වංචා දූෂණ

වාර්තාවෙන් එළියට ආ පාපන්දු සම්මේලනයේ වංචා දූෂණ
African American young boy playing soccer in a stadium pitch. Child running with soccer ball along the field white sideline. Junior soccer background

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත පසුගිය වසර 10 ක පමණ කාලයක සිට ජාත්‍යන්තරයෙන් ලැබුණු ඩොලර් මිලියන 10කට වැඩි මුදල පාපන්දු ක්‍රීඩාවේ හා ක්‍රීඩකයින්ගේ සුබසිද්ධිය වෙනුවෙන් වැය කර ඇති ප්‍රමාණයෙන් දළ වශයෙන් 2% ක පමණ ඉතා අඩු මුදලක් බව හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී මහත්මිය පවසයි.

එමෙන්ම වංචා දූෂණ 30කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලන හා මූල්‍ය ගැටලු පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුව විසින් කරන ලද විමර්ශන කටයුතුවල දී හෙළි වී ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පරිපාලන හා මූල්‍ය ගැටලු පිළිබඳව සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල ප්‍රකාරව, හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.

එම කමිටුව විසින් පුළුල් විමර්ශනයක් සිදු කර සකස් කළ වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයාට භාර දී ඇති අතර එහි අන්තර්ගතය පිළිබඳව කෙටි හැඳින්වීමක් ද සිදු කර තිබේ.

පසුගිය වසර 10 ක කාලය තුළ රටේ ප්‍රධාන ක්‍රීඩා දෙස බැලූ විට එහි ප්‍රගමනයක් දැකගත නොහැකි බවත්, පාපන්දු, ක්‍රිකට්, රග්බි වැනි ක්‍රීඩා එදා සිටි තත්ත්යෙන් ඉතා කණගාටුදායක ලෙස පසුබැස ඇති බව කමිටු සාමාජිකයෝ පෙන්වා දෙති.

මෙයට සෘජුවම ක්‍රීඩා සංගම්හි පාරිපාලකයන් වගකිව යුතු බවත් මෙම වාර්තාව අධ්‍යයනය කරන්නෙකුට එය පැහැදිලිවම දැක ගත හැකි බවත් මෙම සාකච්ඡාවේ දි ඔවුහු පැවසූහ.

විමර්ශන වාර්තාව හොදින් අධ්‍යයනය කර එහි නිර්දේශයන් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනගන බව අමාත්‍යවරයා කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here