Home උණුසුම් පුවත් කෝටියක හොරකමක්

කෝටියක හොරකමක්

0
කෝටියක හොරකමක්

නාරාහේන්පිට පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසක් බිඳ රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති මුදල් හා රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇත.

මෙම සොරකම පසුගිය 30 වෙනිදා සිදුව ඇති අතර ඒ ගැන පැමිණිල්ලක් පොලීසියට ලැබී ඇත්තේ ඊයේ ය.

නිවසේ කාමරයකින් ඇතුළු වූ සොරා රුපියල් ලක්ෂ 03ක මුදලක් රුපියල් ලක්ෂ 27කට අධික වටානකමක් ඇති ස්විස් ෆෑන්ක්, ඉන්දියානු රුපියල් 20,000ක්, ඉන්දුනීසියානු රුපයියා 15,000,000ක්, අමෙරිකානු ඩොලර් 5,000ක්, යුරෝ 200ක්, මැලේසියානු රින්ග්ට් 1000ක්, ඩුබායි ඩිරාම් 1,500ක්, රුපියල් 4,015000ක්, පවුම් 25ක රන් භාණ්ඩ රුපියල් 4,000ක් වටිනා අත්ඔරලෝසුවක් ඇතුළු තවත් දේපොල රැසක් මෙසේ සොරාගෙන ගොස් ඇත.

මෙම සොරකම සිදුව ඇත්තේ නාරාහේන්පිට එර් ග්‍රීන් පාර් ක් හී පිහිටි නිවසකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here