Home උණුසුම් පුවත් හිමිනමක් එක්ක නිධන් හාරන්න ගිය හමුදාවේ ලුතිනන් කර්නල් ඇතුළු පිරිසකට වූ දේ

හිමිනමක් එක්ක නිධන් හාරන්න ගිය හමුදාවේ ලුතිනන් කර්නල් ඇතුළු පිරිසකට වූ දේ

0
හිමිනමක් එක්ක නිධන් හාරන්න ගිය හමුදාවේ ලුතිනන් කර්නල් ඇතුළු පිරිසකට වූ දේ

අධි තාක්ෂණික උපකරණ යොදාගනිමින් පුරාවිද්‍යා වස්තු සොයමින් සිටි යුධ හමුදා කෝප්‍රල් වරයකු සහ ඊට අනුබල දුන් යුධ හමුදා ලුතිනල් කර්නල් වරයකු, යුධ හමුදා සැරයන් වරයකු සහ හිමිනමක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය වව්නතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හා සහකාර පොලිස් අධිකාරී නලීන් පෙරේරා මහතාගේ අධීක්ෂණය සහ මගපෙන්වීම මත කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක‍ එම්.එස්. ඊබ්‍රහිමි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දින කරදියනාරු පොලිස් වසමේ මාවඩිඕඩ ප්‍රදේශයේ දී කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

එහි දී අනවසරයෙන් පුරාවිද්‍යා භූමියකට ඇතුල්වී පුරාවිද්‍යා වස්තු සෙවීමේ පරමාර්ථයෙන් අධි තාක්ෂණික උපකරණ වලින් භූමිය පරීක්ෂා කරමින් සිටියුධ හමුදා කෝප්‍රල් වරයකු සහ ඊට අනුබල දුන් යුධ හමුදා ලුතිනන් කර්නල් වරයකු සහ යුධ හමුදා සැරයන් වරයකු සහ හිමිනමක් අත්අඩංගුවට ගෙන සැකකරුවන් සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කරදියනාරු පොලිස් ස්ථානය වෙත භාර දුන් බව විශේෂ කාර්ය බලකා මාධ්‍ය අංශය සඳහන් කළේය. .

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර අති නවීන ඩීප් සීකර් වර්ගයේ ස්කෑනර් යන්ත්‍රයක් ද (GDS 1574), Casper වර්ගයේ Tab යන්ත්‍ර 01 ක්ද, යුධහමුදාවට අයත් කැබ් රථයක්ද (යු.හ. 50929) ජංගම දුරකථන 04 ක්ද වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here