Home උණුසුම් පුවත් නවක වදයට එරෙහිවූ සිසුන්ට පහරදුන් සබරගමුව සරසවියේ 04ක් අත්අඩංගුවට

නවක වදයට එරෙහිවූ සිසුන්ට පහරදුන් සබරගමුව සරසවියේ 04ක් අත්අඩංගුවට

0
නවක වදයට එරෙහිවූ සිසුන්ට පහරදුන් සබරගමුව  සරසවියේ 04ක් අත්අඩංගුවට

නවක වදය ප්‍රතික්ෂේප කළ සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිරිසකට පහරදීමක් සම්බන්ධයෙන් දෙවැනි වසරේ සිසුන් 04 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලංගොඩ වතුගෙදර පදිංචිකරුවෙක් වන හෂාන් සිතිජ රූපසිංහ (25), වැලිමඩ උඩුකිඳ පදිංචිකරුවෙක් වන කසුන් බුද්ධික (25), මෙරටුව විල්ලෝරාවත්තේ පදිංචිකරුවෙක් වන ශකිල අල්විස් (23), දෙහිවල මැදිමාලේ පදිංචිකරුවෙක් වන රවිඳු ද සිල්වා (24) යන සිව් දෙනා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිසුන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (29) ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

පසගිය පෙබරවාරි (15) රාත්‍රී කාලයේදීය.

කළමනාකාරන පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටින සිසුන් 09 දෙනෙකු මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here