Home උණුසුම් පුවත් මහනුවර බොක්කාවල අමුතු පාසලක් – දරුවන්ගේ කොණ්ඩෙ බූ ගා අමුතු විදිහේ දඬුවම් දීලා

මහනුවර බොක්කාවල අමුතු පාසලක් – දරුවන්ගේ කොණ්ඩෙ බූ ගා අමුතු විදිහේ දඬුවම් දීලා

0
මහනුවර බොක්කාවල අමුතු පාසලක් – දරුවන්ගේ කොණ්ඩෙ බූ ගා අමුතු විදිහේ දඬුවම් දීලා

මහනුවර බොක්කාවල මොරන්කන්දේ පිහිටි නේවාසික පුද්ගලික පාසලක සිසුවියන් පස් දෙනෙකුට සහ සිසුන් පස් දෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් එම පාසලේ විදුහල්පතිවරයාත් ගුරුවරියන් තිදෙනෙක් සහ ගුරුවරයෙකු මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

පහරදීම් සහ හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව මෙම පාසලේ නේවාසිකව සිටින සිසුවියන් තිදෙනෙක් ඊයේ අලුයම පාසලෙන් පළාවිත් දළදා මාළිගාවට පැමිණ එහි මුරපොලේ නිලධාරීන්ට ඒ ගැන පැවසා තිබිණි. ඒ අනුව මේ ගැන ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භකර තිබේ.

එහිදී හෙළිවී ඇත්තේ 12 වෙනිදා රාත්‍රී කාලයේ සිසුන් පස් දෙනෙක් කාන්තා නේවාසිකාගාරයට ගොස් සිසුවියන් පස් දෙනෙක් සමඟ කථාබහ කරමින් සිටියදී ඊට උරණව එම සිසුන්ටත් සිසුවියන්ටත් විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් විසින් පහරදී ඇති බවය. සිසුන් තිදෙනාගේ දෑත් පිටුපසට තබා ගැටගසා හිස බූ ගා ඇති බවද හෙලිවී තිබේ. එම සිදුන් පස් දෙනාව කළුවර කාමරයක දමා තිබියදී බේරාගෙන ඇත්තේ ඊයේ අලුයම එහි ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායම විසිනි. තවත් සිසුවියන් දෙදෙනෙකුව එසේ කළුවර කාමරයද දමා සිට ඇති අතර ඒ අයවද පොලීසිය මුදාගෙන ඇත.

මෙම පාසලේ සිසුන්ට කෘර ලෙස සලකන බවත් පහරදීම් සහ අඩත්තේට්ටම් කිරීම් ද බොහෝ සිදුවන බවත් විමර්ශන වලින් හෙළිවී තිබේ. සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here