
බර්ලිනයේ දී සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් මාලදිවයිනේ සුන්දර දූපත් සම්බන්ධයෙන් ප්‍රකාශය, සන්දර්භයෙන් ඉවත් කර සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි ලෙස ප්‍රචාරය කර ඇති බව අමාත්‍යවරයා පවසයි.
ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අසල්වැසියා සමඟ එක්ව කටයුතු කරන බවත් සිදු වූ යම් අපහසුතාවයක් ඇතොත් සමාව අයැදින බවත් ය.