Home උණුසුම් පුවත් ආරාමයක සිටි භික්ෂූන් ඇතුළු 30කට වැඩි පිරිසක් මියන්මාර හමුදාවෙන් මරාදමයි

ආරාමයක සිටි භික්ෂූන් ඇතුළු 30කට වැඩි පිරිසක් මියන්මාර හමුදාවෙන් මරාදමයි

ආරාමයක සිටි භික්ෂූන් ඇතුළු 30කට වැඩි පිරිසක් මියන්මාර හමුදාවෙන් මරාදමයි

දකුණු මියන්මාරයේ ෂාන් ප්‍රාන්තයේ ආරාමයකදී පුද්ගලයන් 30කට අධික පිරිසක් ඝාතනය කර ඇති බව කැරලිකරුවෝ අනාවරණය කර තිබේ.

පසුගිය සෙනසුරාදා නෑන් නෙයින් ගම්මානයට ෂෙල් ප්‍රහාර එල්ල කළ බව කැරන්නි ජාතික ආරක්ෂක බලකාය (KNDF) පැවසීය.

ගම්මානයට ප්‍රහාර එල්ල කරන විට පලාගොස් ආරාමයේ සැඟවී සිටි ගම්වැසියන් මෙලෙස ඝාතනය කර ඇති බවට විදෙස් වාර්තා පවසයි.

අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකු සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු ඝාතනය කර ඇති බව කැරළිකාර කණ්ඩායම ප්‍රකාශ කර ඇත.

අවට ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් ද ගිනිබත් වී තිබේ.

ෂාන් ප්‍රාන්තයේ ප්‍රාදේශීය පුවත්පතක් වන කන්තරාවඩ්ඩි ටයිම්ස්, KNDF ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් පවසා තිබුණේ ‘හමුදාව ඔවුන්ව ආරාමය ඉදිරිපිට පෙළගස්වා භික්ෂූන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම අමානුෂික ලෙස වෙඩි තැබුවා’ යනුවෙනි.

මියන්මාරයේ හමුදා කුමන්ත‍්‍රණයකින් බලපෙරළිය ඇති වූ දා සිට මෑත කාලයේදී හමුදාව සහ හමුදා විරෝධී කැරළි කණ්ඩායම් අතර සටන් ගණනාවක්ම පැවතුනි.

අවුන්සාන් සුකී ඇතුළු දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මියන්මාර හමුදාව එරට පාලනය සියතට ගත්තේය.

මිනිසුන් සිය ගණනක් මිය ගිය අතර තවත් සිය ගණනක් අත්අඩංගුවට ගන්නා ලදී.

මියන්මාරය දිගු කලක් සිවිල් යුද්ධයක පැටලී සිටී.

නමුත් 2021 දී තත්වය වඩාත් නරක අතට හැරුණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, මිලියන 15 ක ජනතාවක් දරිද්‍රතාවයේ අවදානමට ලක්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here