Home උණුසුම් පුවත් කල්ගිය ඡන්දෙන් පඩියත් නැතිවූ රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප දෙන්න නිර්දේශයක්

කල්ගිය ඡන්දෙන් පඩියත් නැතිවූ රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප දෙන්න නිර්දේශයක්

කල්ගිය ඡන්දෙන් පඩියත් නැතිවූ රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප දෙන්න නිර්දේශයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023 සඳහා නාමයෝජනා භාර දී ඇති රජයේ නිලධාරින් 3000ක් පමණ පිරිස සඳහා මාර්තු 09 (ඊයේ) දින සිට ඡන්ද විමසීම ප්‍රමාදවන කාලය තුළ අදාළ නිලධරයාගේ මූලික වැටුප පමණක් ගෙවීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (10) දින නිර්දේශ කර ඇත.

නාමයෝජනා භාරදුන් රාජ්‍ය සේවකයන් යම් සහනයක් ලබා දෙන්නැයි දිගින් දිගටම කරන ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව අදාළ නිර්දේශය රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ට යොමු කර තිබේ. ඒ මැතිවරණ කොමිෂමේ නිර්දේශය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස දනවමිනි.

පළාත් පාලන ආයතන ඡන්ද විසමීම මෙයට පෙර මාර්තු 09 (ඊයේ) දින පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර කල් දැමූ මැතිවරණය දැනට යෝජනා වී ඇත්තේ ලබන අප්‍රේල් 25 වැනිදා පැවැත්විය යුතු බවයි.

කෙසේ වෙතත් අපේක්ෂකත්වය ලබා ගැනිමේ දි වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම හේතුවෙන් පවතින ආර්ථික තත්ත්වය හමුවේ දිගු කාලයක් වැටුප් රහිත නිවාඩු ලබා සිටීම පවුලේ ආර්ථික ස්ථාවරය පවත්වා ගැනිමට බාධාවක් වි ඇතැයි රජයේ නිලධරයන්වන අපේක්ෂකයන් රැසක් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here