Home උණුසුම් පුවත් කඩුලු 5කට නවසීලන්තය ලකුණු 193ක් පිටුපසින්

කඩුලු 5කට නවසීලන්තය ලකුණු 193ක් පිටුපසින්

0
කඩුලු 5කට නවසීලන්තය ලකුණු 193ක් පිටුපසින්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්චච් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රිඩාකරන නවසීලන්ත කණ්ඩායම දෙවැනි දිනය අවසන්වන විට කඩුලු 5කට ලකුණු 162ක් ලබා සිටියි.

පළමු ඉනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 355ක් ලබා ගත් අතර නවසීලන්ත කණ්ඩායම ඒ අනුව තවත් කඩුලු 5ක් අතැතිව ශ්‍රි ලංකා කණ්ඩායමට වඩා ලකුණු 193ක් පිටුපසින් සිටියි.

ලකුණු 355ක් ලබාගත් ශ්‍රී ලංකා ඉනිමට කුසල් මෙන්ඩිස් 87(83), දිමුත් කරුණාරත්න 50(87)ඇන්ජලෝ මැතිවුස් 47(98) ධනංජය ද සිල්වා 46(59) කැපී පෙනෙන දස්කම් දැක්වූහ. ශ්‍රි ලංකා ලකුණු පුවරුව 355කට සිමා කිරීමට ටිම් සෝති ලකුණු 64/5 දායක විය.

ශ්‍රි ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

ශ්‍රි ලංකාව 355

නවසීලන්තය 162/5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here