Home උණුසුම් පුවත් සයිබර් අපරාධකරුවන්ට වැඩ වරදින පනත මේ වසරේ එයි

සයිබර් අපරාධකරුවන්ට වැඩ වරදින පනත මේ වසරේ එයි

සයිබර් අපරාධකරුවන්ට වැඩ වරදින පනත මේ වසරේ එයි

ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම යටතේ, සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

මෙම පනත තුළින් ඇතැමුන් විසින් ඩිජිටල පද්ධති අනිසි ලෙස භාවිතා කිරීමේ අවදානම පාලනය කිරීමට හැකියාව ලැබේ.

එමෙන්ම තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමටත්, තොරතුරු හා සයිබර් ආරක්ෂණ නියාමන අධිකාරිය පිහිටුවීමට ද හැකිවන බව ඒ මහතා පෙන්වා දෙයි.

කනක හේරත් මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ( CERT) සහ ලෝක බැංකුව ඒකාබද්ධව කොළඹ දී, සංවිධාන කළ වැඩමුළුවකට සහභාගි වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කළමනාකරු චියෝ කණ්ධා (Ms. Chiyo Kanda) මහත්මිය කියා සිටියේ වසර 70 ක පමණ කාලයක සිට ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ උන්නතිය සඳහා එක්ව කටයුතු කරමින් සිටින බවත් ඉදිරියේදීත් එම සහාය අඛණ්ඩව ලබා දෙන බවත් ය.

මෙම අවස්ථාවට ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ඩිජිටල් සංවර්ධන විශේෂඥ (Ms. Junko Narmatsu) මහත්මිය, ඇතුළු රාජ්‍ය අංශයේ නිලධාරීහූ එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here