Home උණුසුම් පුවත් අනුරගේ විරෝධයට රෝහල් චතුරස්‍රයත් තහනම්

අනුරගේ විරෝධයට රෝහල් චතුරස්‍රයත් තහනම්

අනුරගේ විරෝධයට රෝහල් චතුරස්‍රයත් තහනම්

ජාතික ජනබල‍වේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනකු නම් කරමින් ඔවුන්ගේ විරෝධතාවට සහභාගි වන සියල්ලන්ටම අදාළ වන පරිදි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් නිකුත් කර තිබේ.

ඒ කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් චත්‍රරස්‍රය හා ඒ අවට රෝහල්වල රෝගීන්ට අවහිර වන පරිදි පෙළපාලි, විරෝධතා පැවැත්වීම තහනම් කරමිනි.

එම තහනමට ලක්වන අවට මාර්ග ද ආඥාව මගින් ප්‍රකාශයට පත්කර ඇත.

එම විරෝධතාකරුවන් පාගමනින් මේ වනවිට රෝහල් චත්‍රරස්‍රය අසලට ගොස් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here