Home දේශීය පුවත් ව්‍යාපරිකයින් දෙදෙනකුට කුරුමානම් අල්ලමින් සිටි පාතාල අපරාධකරුවෙක් පොලීසියෙන් වෙඩි කා නසී

ව්‍යාපරිකයින් දෙදෙනකුට කුරුමානම් අල්ලමින් සිටි පාතාල අපරාධකරුවෙක් පොලීසියෙන් වෙඩි කා නසී

0
ව්‍යාපරිකයින් දෙදෙනකුට කුරුමානම් අල්ලමින් සිටි පාතාල අපරාධකරුවෙක් පොලීසියෙන් වෙඩි කා නසී

පාතාලයට කප්පම් නොදීම හේතුවෙන් කටුනායක සහ මිනුවන්ගොඩ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට උත්සහ දරමින් සිටි හීනටියන පාතාල අපරාධකරුවෙකු කටුනායක මාදුව ප්‍රදේශයේ වගුරු බිමකදී පොලිස් වෙඩි පහරකින් අද මරුමුවට පත්විය.

මෙසේ පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත්ව ඇත්තේ ඩුබායි හී රැදී සිටින හීනටියන මහේෂ් නැමැති පාතාල ප්‍රබලයාගේ ප්‍රධාන ගෝලයෙක් මෙන්ම පාසල් මිතුරාද වන බුද්ධික දිනේෂ් සෝමවංශ ද සිල්වා නැමැති මිනුවන්ගොඩ හීනටියන පදිංචිකරුවෙකි.

මේ වන විට ඩුබායි හී රැදී සිටින හීනටියන මහේෂ් නැමැති අපරාධකරු මිනුවන්ගොඩ සහ කටුනායක ප්‍රදේශ ආශ්‍රිතව භීෂණයක් පතුරුවමින් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම්වල නිරතව සිටින බව පොලීසිය කියයි.

කප්පම් නොදුන් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුටම ඔහුගෙන් තර්ජන එල්ලවී තිබේ. ව්‍යාපාරිකයින් දෙදෙනෙකුගේ නිවසේ අසලට ගොස් වෙඩි තබාද තිබුණි. එම වෙඩි තැබීම් කර තිබුණේ පොලීසියෙන් වෙඩි කා මරුමුවටපත්වූ පුද්ගලයා බව පොලීසිය කියයි.

මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මෙම පාතාල අපරාධකරු පස්සේ පසුගිය සති කිහිපය තුළම පන්නමින් සිට පෙරේදා (22) රාත්‍රී කාලයේදී ඔහුව කොටුකරගෙන ඇත්තේ වැලිගම ප්‍රදේශයේදීය.

වැලිගම සිට මීගමුවට රැගෙන විත් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු විසින් සඟවා තැබූ ගිනි අවියක් ඇති ස්ථානයක් ගැන තොරතුරු හෙළිකළ බව පොලීසිය කියයි. ඒ අනුව එම අවිය සොයා කටුනායක මාදූව ප්‍රදේශයේ වෙල්යායකට ගිය අවස්ථාවේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මෙම අපරාධකරු මියගොස් තිබේ. පොලීසිය පවසනුයේ මෙම අපරාධකරු බෝම්බයකින් පොලිස් නිලධාරීන්ට දමා ගසා පිස්තෝයකින් වෙඩි තැබීමට සූදානම් වූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් එල්ලකල ප්‍රතිප්‍රහාරයකදී ඔහු වෙඩි වැදී මරුමුවට පත්වූ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here