Home උණුසුම් පුවත් ඡන්දෙ තියන්න බාධා කරන අයට මොකද කළේ? – මැකොගෙන් අසයි

ඡන්දෙ තියන්න බාධා කරන අයට මොකද කළේ? – මැකොගෙන් අසයි

ඡන්දෙ තියන්න බාධා කරන අයට මොකද කළේ? – මැකොගෙන් අසයි

පළාත් පාලන මැතිවරණයට බාධාකරමින් ඊට සහාය නොදුන් රාජ්‍ය ආයතන සහ ඒවායේ නිලධාරීන්ට එරෙහිව ගෙන ඇති පියවර කුමක්දැයි නිදහස් හා සාධාරණයක් සදහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසීමක් කර තිබේ.

මේ වන විටත් රාජ්‍ය ආයතන සහ නිලධාරීන්ට එරෙහිව යම් පියවරක් ගෙන නැත්නම් ඉදිරියේ දී ඔවුන්ට එරෙහිව ගන්නා පියවර කුමක්දැයි දැනුම් දෙන ලෙස ද පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යවමින් ඉල්ලීම් කර තිබේ.

මුදල් අමාත්‍යාංශය, පොලිසිය, රජයේ මුද්‍රණාලය, ඛනිජ තෙල් සංස්ථාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඇතුළු නිලධාරීන්ගේ සහාය පළාත් පාලන මැතිවරණයට නොලැබුණු බව ද, ඉදිරි මැතිවරණවලදී එය නරක පූර්වාදර්ශයක් වනු ඇති බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමිෂන් සභාවට යවා ඇති ලිපියේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here