
මාලදිවයිනේ පාර්ලිමේන්තු කථානායක සහ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සිය නිවසින් පිටත බෝම්බ පිපිරුමකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර පැය 16ක සැත්කමක් සිදුකළ ද ඔහුගේ තත්ත්වය බරපතළ බව එරට රෝහල් ආරංචිමාර්ග පවසා තිබේ.
මාලේ අගනුවර බ්‍රහස්පතින්දා සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් වගකීම භාරගෙන නොමැත.
දැන් පාර්ලිමේන්තු කථානායකවරයා ලෙස කටයුතු කරන මාලදිවයිනේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපති නෂීඩ් රට තුළට ඉස්ලාමීය සටන්කාමීන් ඇතුළු වන බවට මීට පෙර අනතුරු අඟවා තිබුණි.
පිපිරීම සිදුවන විට ඔහු සිය මෝටර් රථයට නැගී සිටියේය. ඔහුගේ මෝටර් රථය අසල නවතා තිබූ යතුරුපැදියක ඇටවූ උපකරණයක් මෙම පිපිරීමට හේතුව බව එරට මාධ්‍ය පවසයි.
දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන නෂීඩ්ගෙ සිරුරෙන් කුඩා කැබලි ඉවත් කිරීමට වෛද්‍යවරු සැත්කම් කළ බව එම රෝහල පවසයි.
“පසුගිය පැය 16 ක කාලය තුළ ඔහුගේ හිසට, පපුවට, උදරයට හා අත් පා වලට සිදුවූ තුවාල සඳහා දීර්ඝ සැත්කමක් කර තිබේ” යැයි රෝහල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.