Home උණුසුම් පුවත් උසස් පෙළ විදුලි කප්පාදුව ගැන හෙට උසාවියෙන් එන නියෝගය

උසස් පෙළ විදුලි කප්පාදුව ගැන හෙට උසාවියෙන් එන නියෝගය

උසස් පෙළ විදුලි කප්පාදුව ගැන හෙට උසාවියෙන් එන නියෝගය

විදුලි කප්පාදුව පිළිබඳ ඉදිරිපත් වූ රිට් පෙත්සමක් විභාගයට ගන්නේ ද, නැද්ද යන්න පිළිබඳ අවසන් නියෝගය හෙට (10) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

ඒ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුව නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමයි.

අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඊයේ (08) දිනයේ මෙම රිට් පෙත්සම සලකා බැලීම සිදු කරනු ලැබූ අවස්ථාවේදී මේ බව දැනුම් දුනි.

මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගය පසුගිය 23 දින ආරම්භ වූ අතර ලබන 17 වැනිදා අවසන් වීමට නියමිතය.

ඒ අනුව විභාගය අවසන් වීමට තවත් ඇත්තේ 08ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here