Home උණුසුම් පුවත් මිනිස් ජාවාරම් කළ NPP අපේක්ෂකයෙක් පලාගිහින්- අයෙක් අත්අඩංගුවට

මිනිස් ජාවාරම් කළ NPP අපේක්ෂකයෙක් පලාගිහින්- අයෙක් අත්අඩංගුවට

මිනිස් ජාවාරම් කළ NPP අපේක්ෂකයෙක් පලාගිහින්- අයෙක් අත්අඩංගුවට

තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමංකර මුදල් වංචා කල පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ විදේශ සේවා නියුක්ති කාර්යාශයේ විශේෂ විමර්ශන අංශය මගිනි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට, නෝනාගම,වැලිපටන්විල පදිංචි මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවෙක් වන කේ. රුවන් පතිරණ නැමැත්තෙකි.

ඊට සම්බන්ධ තවත් අයෙක් වැටලීමේදී පලා ගොස් ඇත.

ඔහුව අත්අඩංගුවට ගැනීමට වැටලීම් කටයුතු සිදු කරන බව කාර්යාංශ විමර්ශන අංශය පවසයි.

පලාගිය සැකකරු වන අනුර සමරනායක මහතා මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා ,ජාතික ජන බලවේගයෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි අයෙක් බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු හම්බන්තොට දිසා මහේන්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එමෙන්ම, මෙම සැකකරුට අධිකරණය විසින් දැනට ලාඕසයේ අතරමං වී සිටින ශ්‍රි ලාංකිකයින් වහාම ලංකාවට ගෙන එන ලෙසද අධිකරණය විසින් නියෝග කර ඇත.

ප්‍රධාන සැකකරු විසින් පුද්ගලයින්ගෙන් ලක්ෂ 19 පමණ මුදලක් වංචා කර ඇති බවට කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් තොරතුරු වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here