Home උණුසුම් පුවත් කොස්තාපල්වරයෙකුව පැහැරගෙන ගොස් පහරදී මුදල් කොල්ලකෑ පොලීසියේ 02ක් අත්අඩංගුවට

කොස්තාපල්වරයෙකුව පැහැරගෙන ගොස් පහරදී මුදල් කොල්ලකෑ පොලීසියේ 02ක් අත්අඩංගුවට

0
කොස්තාපල්වරයෙකුව පැහැරගෙන ගොස් පහරදී මුදල් කොල්ලකෑ පොලීසියේ 02ක් අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුව පැහැරගෙන සිරකරතබාගෙන පහරදී මුදල් හා ජංගම දුරකතනයක් කොල්කෑමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුව කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුදුවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේනයේ නිරතව සිටින උප පොලිස් පරික්ෂකවරයෙක් වන ආර්.කේ. සෝමරත්න සහ බොරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල් බුද්ධික යන නිලධාරීන් දෙදෙනාව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පැහැර ගැනීම සහ පහරදීම සිදුව ඇත්තේ 2020 වසරේ මාර්තු 24 වෙනිදාය. කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයෙක් වන සමීර සඳරුවන් නැමැති නිලධාරියා මෙදින ඉබ්බන්වල ග්‍රාමසේවා වසමේ 111වත්තට ගොස් සිටියදී සිවිල් ඇදුමින් සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා විසින් පහරදී ඔහු සතුව තිබුණු ජංගස දුරකතනය සහ රුපියල් 8700ක මුදලක් කොල්ලකා ත්‍රීරෝද රථයකින් පැහැරගෙන ගොස් කුරුදුවත්ත පොලිස් ස්ථානයේ සිරකර තබාගෙන ඇති බව කියයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙම කොස්තාපල්වරයා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් පැවැත්වූ කොම්පඤ්ඤවීදිය පොලීසිය මේ ගැන පොලිස් නීති කොට්ඨාශයෙන් උපදෙස් පතා ඇත.

එම උපදෙස් ලැබී ඇත්තේ එම සිදුවීමෙන් මාස තුනකට ආසන්න කාලයකට පසුවය. ඒ අනුව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාශය විසින් සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනාව අතඅඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට භාරදී තිබේ.

මෙම නිලධාරීන් දෙදෙනාව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇත.
පැමිණිල්ලකර කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here