Home උණුසුම් පුවත් Slave Island ඉවතට – ‍කොම්පඤ්ඤවීදිය විතරයි

Slave Island ඉවතට – ‍කොම්පඤ්ඤවීදිය විතරයි

Slave Island ඉවතට – ‍කොම්පඤ්ඤවීදිය විතරයි

ඉංග්‍රීසි භාෂාවෙන් Slave Island ලෙස හැදින්වූ කොම්පඤ්ඤවීදිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම “කොම්පඤ්ඤවීදිය” ලෙස භාවිත කිරීමට රජය තීරණය කර තිබේ.

75 වෙනි නිදහස් දිනයට සමගාමීව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි
මෙම තීරණය ගෙන ඇත.

ඊට අදාළව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

මේ සම්බන්ධයෙන් තැපැල්පතිවරයා හා කොළඹ මහ නගර සහාවේ නාගරික කොමසාරිස්වරයා ද දැනුම්වත් කර තිබේ.

සිංහල හා දෙමළ භාෂාවෙන් කොම්පඤ්ඤ වීදිය ලෙස භාවිතා කෙරේ.

එහෙත් යටත් විජිත සමයේ එම පෙදෙස හැදින්විමට යොදාගත් Slave Island යන නාමකරණය මේ දක්වා භාවිත වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් එම ප්‍රදේශය හැඳින්වීමේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here