Home උණුසුම් පුවත් වෘත්තීය සමිති නායකයින් 2ක් අත්අඩංගුවට

වෘත්තීය සමිති නායකයින් 2ක් අත්අඩංගුවට

0
වෘත්තීය සමිති නායකයින් 2ක් අත්අඩංගුවට

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ ලේකම් ආනන්ද පාලිත සහ විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික යන දෙදෙනාව කොල්ලුපිටිය පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ආනන්ද පාලිත මහතා වත්තල පිහිටි ඔහුගේ නිවසේදීත් සංජීව ධම්මික මැල්ලවගෙදර පිහිටි ඔහුගේ නිවසේදීත් අත්අඩංගුවට ගෙන ඇත.

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩය විසින් ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතාගේ කැදවීමකට අනුව කොල්ලුපිටියේ පිහිටි මහජන උපායෝගිතා කොමිෂන් සභාව වෙත ගිය අවස්ථාවේදීදී එහි නියෝජ්‍ය සභාපති උදේනි වික්‍රමසිංහ සහ සාමාජික ආචාර්ය මොහාන් සමරනායක යන මහත්වරුන්ට මෙම තර්ජනය එල්ලවන්නේ පසුගිය 20 වෙනිදාය.

මේ සම්බන්ධයෙන් මොහාන් සමරනායක මහතාගේ ප්‍රකාශයක් පොලීසිය ඉකුත් 21 වෙනිදා මාළඹේ පිහිටි ඒ මහතාගේ නිවසට ගොස් ලබාගෙන තිබුණු අතර උදේනි වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක් ඊයේ කොල්ලුපිටිය පොලීසිය විසින් ලබාගත්තේය.

එම ප්‍රකාශ දෙකෙන් තමාට තර්ජනය කළේ කවුරුන්දැයි පැහැදිලිවම ඔවුන් පොලීසියට පවසා ඇති අතර සමාජ මාධ්‍ය ජාල හා වීඩියෝ දර්ශන මගින් පැහැදිලිවම ඒ බව තහවුරුවන කරුණු අනාවරණය වී තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here