Home උණුසුම් පුවත් සෞදි රජයෙන් ආ ඇරයුමට විදේශ ඇමති යයි

සෞදි රජයෙන් ආ ඇරයුමට විදේශ ඇමති යයි

සෞදි රජයෙන් ආ ඇරයුමට විදේශ ඇමති යයි

සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට අනුව, විදේශ කටයුතු අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි අද (23) සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වේ.

අද සිට 27 දක්වා අමාත්‍යවරයා එම නිල සංචාරයේ නිරත වන බව බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

සිය සංචාරයේදී අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය ෆර්හාන් අල් සවුද් හමුවීමට නියමිත ය.

එහිදී සුහද ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇත.

අමාත්‍යවරයා ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය යන සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මක්කම සහ මදීනාව යන නගරවල ආණ්ඩුකාරවරු ද හමුවීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here