Home උණුසුම් පුවත් පාලන මිල නොතකා වැඩි මිලට බිත්තර විකිණූ අයට වෙච්ච දේ..

පාලන මිල නොතකා වැඩි මිලට බිත්තර විකිණූ අයට වෙච්ච දේ..

පාලන මිල නොතකා වැඩි මිලට බිත්තර විකිණූ අයට වෙච්ච දේ..

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳුන් 7 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

ඒ බිත්තර වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් සිදු කළ සෝදිසියකදී ය.

බිත්තර අලෙවි කිරීම සදහා උපරිම මිලක් නියම කරමින් 2023 ජනවාරි 20 වෙනි දින සිට බල පැවැත්වෙන පරිදි ගැසට් පත්‍රයක් නිකුත් කොට තිබේ.

එසේ තිබියදී රුපියල් 50 සිට රුපියල් 60 අතර මිල ගණන් යටතේ අලෙවි කිරීම මත කිරිබත්ගොඩ, කැලණිය, මාකොළ සහ පට්ටිය හන්දිය යන ප්‍රදේශවල පසුගිය 21දා සිදු කළ සෝදිසියේදී වෙළඳුන්ට නීතිමය පියවර ගනු ලැබූ බව ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකක ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා පැවැසීය.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල සහ ගම්පහ දිසාපති සමන් දර්ශන පාඩිකෝරාල යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ගම්පහ විමර්ශන ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා ඇතුලු කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදු කොට ඇත.

අත් අඩංගුවට පත් වෙළඳුන් නියම කරනු ලබන දිනකදී මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට යටත්ව බැඳුම්කර ඇප මත මුදා හැර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here