Home උණුසුම් පුවත් බිරිඳගේ පාදය වෙන්වෙන්න කපා පොලීසියට ආ සැමියා

බිරිඳගේ පාදය වෙන්වෙන්න කපා පොලීසියට ආ සැමියා

0
බිරිඳගේ පාදය වෙන්වෙන්න කපා පොලීසියට ආ සැමියා

සිය බිරිඳගේ පාදය වලලුකර අසලින් වෙන් වන්නට කපා දැමූ සැමියෙක් පොලීසියට පැමිණ භාරවීමේ සිදුවීමක් බිබිලෙන් වාර්තා වේ.

බිබිල දම්පතිගම පදිංචි 39 හැවිරිදි සී.පී. ලියනගම නම් වූ සැමියෙක් විසින් දෙදරු මවක් වන සිය බිරිඳගේ පාදය මෙසේ වෙන් වන්නට කපා ඇත්තේ ඊයේ ය.

මෙසේ කපා ඇත්තේද වම් පාදය බව බිබිල පොලීසිය කියයි.

ඇය මේ වන විට මහනුවර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පාදය බද්ධ කිරීමට වෛද්‍යවරු යම් උත්සහයක නිරත වෙමින් ඇතැයි රෝහල් තොරතුරු සඳහන් කළේය.

පවුල් ආරවුලක් මත ඔහු මෙසේ සිය බිරිඳගේ පාදය කපා දමා ඇති අතර ආරවුලට මුල මෙතෙක් අනාවරණය වී නැතැයි බිබිල පොලීසිය කියයි.

සිය බිරිදගේ පාදය කැපූ බව කියමින් සැමියා විසින් පිහියක්ද පොලීසියට ඉදිරිපත්කර ඇති අතර එම පිහියෙන් එවැනි කැපීමක් කළ හැකිදැයි ගැටළුවක් බැවින් ඒ ගැන විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සඳහන් කළේය.

සිය බිරිදගේ පාදය මෙසේ කපා දැමූ සැමියා ස්ථාර රැකියාවක් නොමැති පුද්ගලයෙක් බවද පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here