Home උණුසුම් පුවත් අලව්වේ මල් ශාලාවක් අසලින් පතොරම් තොගයක්

අලව්වේ මල් ශාලාවක් අසලින් පතොරම් තොගයක්

0
අලව්වේ මල් ශාලාවක් අසලින් පතොරම් තොගයක්

අලව්ව ගිරිඋල්ල පාරේ පිහිටි මල්ශාලාවක් අසල දමාගොස් තිබුණු සැකකටයුතු පාර්සලයක් පොලීසිය විසින් කළ පරීක්ෂාවේදී ඒ තුළ තිබී පතොරම් විශාල ප්‍රමාණයක් හමුවී තිබේ.

ටී 56 වර්ගයේ අවි වලට යොදන පතොරම් 49ක්, ටී 56 පුහුණු පතොරම් 10ක්, ටී 56 අවි සඳහා යොදන ලේසර් පතොරම් 02ක්, මිලි මීටර් 09 වර්ගයේ පතොරම් 02ක්, වර්ගය හදුනානොගත් පතොරම් 04ක්, විවිධ ප්‍රමාණයේ නෝස් කැබලි 05ක්, 84 එස් වර්ගයේ අවි සඳහා යොදන හිස් පතොරම් කොපු 02ක් සහ මිලි මීටර් 09 වර්ගයේ හිස් පාතොරම් කොපු 02ක් එම පාර්සලය තුළ තිබී ඇත.

මෙම පාර්සලය මල් ශාලාව අසල දමාගොස් ඇත්තේ කවුරුන් විසින්දැයි සොයා විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here