Home උණුසුම් පුවත් පරම්පරාගත රහසක් හෙළිකර ලිපියක් ලියා සර්ප වෙදා ගෙළ වැළලාගනී

පරම්පරාගත රහසක් හෙළිකර ලිපියක් ලියා සර්ප වෙදා ගෙළ වැළලාගනී

0
පරම්පරාගත රහසක් හෙළිකර ලිපියක් ලියා සර්ප වෙදා ගෙළ වැළලාගනී

සර්ප විෂ සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන පාරම්පරික වෛද්‍යවරයෙක් සිය නිවසේ ගිනිඅවියක් සඟවා ඇති තැනක් ගැන ලිපියක් ලියා ගෙල වැලලාගෙන සිය දිවි හානිකරගෙන තිබේ.

මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ ඒ. කරුණානායක (64) නැමැති ගම්පහ මාකවිට තම්මිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සර්ප විෂ වෛද්‍යවරයා මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ ඊයේ ය. ඔහු විවහාකයෙක් වන අතර ගිනි අවිය පරම්පරාගත එකක් බව පැවසේ. එය බෝර 12 වර්ගයේ එකකි.

පොලීසිය විසින් එම ලිපියට අනුව ගිනි අවිය සඟවා තිබුණු ස්ථානයෙන් එය සොයාගෙන ඇත.

උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ ගිනි අවිය නිවසේ බිත්තියක තැනූ රහස් ස්ථානයක ගිනි අවිය සඟවා තිබුණු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here