Home උණුසුම් පුවත් තුරඟ තරග පිටියේදී සිසුවිය ඝාතනය කළ සරසවි සිසුවා අත්අඩංගුවට

තුරඟ තරග පිටියේදී සිසුවිය ඝාතනය කළ සරසවි සිසුවා අත්අඩංගුවට

0
තුරඟ තරග පිටියේදී සිසුවිය ඝාතනය කළ සරසවි සිසුවා අත්අඩංගුවට

කොළඹ තුරඟ තරග පිටියේදී කොළඹ සරසවියේ සිසුවියගේ ගෙල කපා ඝාතනයකර පළාගිය ඇගේ පෙම්වතා බව කියන සරසවි සිසුවා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

විශ්ව විද්‍යාලයේ සිට සිසුවිය සමඟ දහවල් 12.30ට පමණ තුරඟ තරඟ පිටියට පැමිණි සිසුවා ඇය සමඟ එහි මුල්ලකට වී කථාබහක නිරත වෙමින් සිටිමින් ඇගේ ගෙල කපා සවස 1.00 ට පමණ ඔහු එම ස්ථානයෙන් පළාගොස් තිබුණි.

සැකකාර සිසුවා තුරඟ තරග පිටියේ සිට විශ්ව විද්‍යාලයට දිවගොස් අනතුරුව වැල්ලම්පිටියේ නිවසට ගොස් ඇති බවද හෙළිවී තිබේ. සිය ජංගම දුරකතනය හා හැදුණුම්පත නිවසේ තබා ඔහු නිවසින් පිටව ගොස් ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

මෙසේ සිය පෙම්වතා අතින් ඝාතනය වී ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුවේ පදිංචිකාරියක් වූ චතුරි හංසිකා මලිලිකාරච්චි (24) නැමැති සිසුවියයි. ඇය සහ සැකකරු විද්‍යා පීඨයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here