Home උණුසුම් පුවත් යාපනයට ආ ජනපතිට විරෝධය පෑ පිරිසට ජල ප්‍රහාර

යාපනයට ආ ජනපතිට විරෝධය පෑ පිරිසට ජල ප්‍රහාර

0
යාපනයට ආ ජනපතිට විරෝධය පෑ පිරිසට ජල ප්‍රහාර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (15) දින තෛපොංගල් සැමරුම් උත්සවය සඳහා යාපනයට ගොස් නල්ලූර් ප්‍රදේශයේ කෝවිලකට පැමිණි අවස්ථාවේදී පිරිසක් එම ස්ථානයට පැමිණ ජනාධිපතිවරයාට සිය විරෝධය පළ කළහ.

එහිදී රැස්ව සිටි විරෝධතාකරුවෝ, උතුරේ ඉඩම් නිදහස් කරන ලෙසත්, අතුරුදන් වූ බවට පැවසෙන පිරිසට සාධාරණයක් ඉටුකරණ ලෙස සහ අත්අඩංගුවේ පසුවන දමිල සිරකරුවන් නිදහස් කරන ලෙසටද ඉල්ලා සිටියහ.

එම අවස්ථාවේදී අතුරුදන් වූවන්ගේ සංගමයේ සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක 150 ක පමණ පිරිසක් ජනාධිපතිවරයා පැමිණි කෝවිලට ඔවුන්ට ද යා යුතු බව සඳහන් කරමින් විරෝධතාවයක නිරත වී ඇත.

මෙම අවස්ථාවට යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක්ට එක්ව තිබූ බවට වාර්තා වේ.

එම ඉල්ලීම ආරක්ෂක අංශ විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

මෙහිදී තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් පොලිසිය ජලප්‍රහාරයක් එල්ල කර පිරිස විසුරුවා හැර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here