Home උණුසුම් පුවත් නව බදුවලට එරෙහිව දොස්තරලාගේ පෙත්සම ලබන සතියේ ජනපතිට

නව බදුවලට එරෙහිව දොස්තරලාගේ පෙත්සම ලබන සතියේ ජනපතිට

නව බදුවලට එරෙහිව දොස්තරලාගේ පෙත්සම ලබන සතියේ ජනපතිට

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව රටපුරා වෛද්‍යවරුන් අත්සන් කළ පෙත්සම ලබන සතියේ දී ජනාධිපතිවරයාට බාරදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

රටපුරා සියලුම රෝහල්වල වෛද්‍යවරුන් මෙම විරෝධතා පෙත්සමට අත්සන් කළ බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

රජයේ අසාධාරණ බදු සංශෝධන ආපසු හරවා ජනතාවට සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීම වෙනුවෙන් දැවැන්තම වෘත්තිකයන්ගේ එකමුතුව මේ වනවිට නිර්මාණය වෙමින් පවතින බව ද ඔහු කීය.

බදු ප්‍රතිපත්තිය වෙනස් නොකරන්නේ නම් මේ මස අවසන් සතියේ දී කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත්කරන බවද හරිත අලුත්ගේ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here