Home උණුසුම් පුවත් ඉන්දියාවට එරෙහි දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට

ඉන්දියාවට එරෙහි දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට

0
ඉන්දියාවට එරෙහි දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවැනි විස්සයි 20 තරගයෙන් ඉන්දියාව පරදා ලකුණු 16ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (05) සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 206ක් ලබා ගත්තේය. නායක දසුන් ශානක පන්දු 22කදී ලකුණු 56ක් හා කුසල් මෙන්ඩිස් පන්දු 31කදී ලකුණු 52ක් ලබා ගත්හ.

ඉන්දියාව මෙම තරගයේ ප්‍රභල සටනක් දෙමින් අවසන් පන්දුවාරය දක්වා තරගය ගෙනාවේය. ඔවුන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 190ක් ලබාගත්තේය. අක්සාර් පටෙල් පන්දු 31කදී ලකුණු 65ක් සහ සූරියකුමාර් යාදෙව් පන්දු 36කදී ලකුණු 51ක් ලබා ගත්හ.

ශ්‍රි ලංකාව වෙනුවෙන් ඩිල්ෂාන් මධුශංක, දසුන් ශානක සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් හිමිකර ගත්හ. තරගයේ වීරයා සම්මානය නායක දසුන් ශානකට හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here