Home උණුසුම් පුවත් මෙක්සිකෝවේ මෙට්‍රෝ මාර්ගයක් දුම්රියක් සමග කඩා වැටෙයි

මෙක්සිකෝවේ මෙට්‍රෝ මාර්ගයක් දුම්රියක් සමග කඩා වැටෙයි

මෙක්සිකෝවේ මෙට්‍රෝ මාර්ගයක්  දුම්රියක් සමග කඩා වැටෙයි

උතුරු අමෙරිකානු රාජ්‍යක් වන මෙක්සිකෝවේ අගනගරය වන මෙක්සිකෝ සිටි හි 24 දෙනෙකු බිලිගනිමින් සිදුවූ මෙට්‍රෝ අධිවේගී මාර්ගයක් කඩා වැටීම පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් ඒ පිළිබඳ අදහස් දක්වමින් “කිසිවක් සැඟවිය නොහැකි” බව පැවසූ අතර නගරාධිපතිවරයා කියා සිටියේ බාහිර විමර්ශන කණ්ඩායමක් මෙම පරීක්ෂණයට සම්බන්ධ වනු ඇති බවයි.

මෑතකදී ඉදිකළ මෙට්‍රෝ මාර්ගයෙන් තදාසන්න කාර්‍යබහුල මාර්ගයකට එම මෙට්‍රෝ දුම් රිය වැටී අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගියේය.

මෙහිදී ළමුන් කිහිප දෙනෙකු දෙනෙකු ද මියගොස් තිබූ අතර 79 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

අගනුවර ගිනිකොනදිග තදාසන්න ප්‍රදේශයක මෑතකදී ඉදිකරන ලද මාර්ගයක මෙම කඩාවැටීම සිදුවී ඇති අතර එය විවෘත කළ දින සිට ගැටළුවලින් පීඩා විඳින බව එරට මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

තුවාල ලැබූවන්ගෙන් හත් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් තිදෙනෙකු දරුවන් බවත් නගරාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් පවසයි.

ඇය අඟහරුවාදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ මළ සිරුරු හතරක් තවමත් දුම්රියේ තිබෙන බවයි.

2012 සිට එහි දියත් වූ මෙට්‍රො මාර්ග ඉදිකිරීම්වල සැලසුම් ගැටළු සහ ඉදිකිරීම් ප්‍රමිතීන් මෙන්ම දූෂණ චෝදනා ද විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here