Home උණුසුම් පුවත් ශ්‍රීලංකන් ගුවන් සමාගමට ගුවන් යානා 11ක් කුලියට ගන්න හේතුව ඇමති කියයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමට ගුවන් යානා 11ක් කුලියට ගන්න හේතුව ඇමති කියයි

0
ශ්‍රීලංකන් ගුවන් සමාගමට ගුවන් යානා 11ක් කුලියට ගන්න හේතුව ඇමති කියයි
File photo

ශ්‍රීලංකන් ගුවන් සමාගමට බදු පදනම යටතේ ගුවන් යානා 11ක් ලබාගැනීමට තීරණය කර ඇත්තේ ප්‍රතිව්‍යුහගතකරන තුරු ආයතනය පවත්වා ගැනීමට බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

ව්‍යාපාරයක් වැටුණු පසු ප්‍රතිව්‍යුහගත කළ නොහැකි බව කී ඇමතිවරයා දැනට ලබාගෙන ඇති ගුවන්යානාවල බදු කාලය අවසන් වුවහොත් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ව්‍යාපාරයක් ඉතිරි නොවන බව පෙන්වා දුන්නේය.

ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් පවත්වාගෙන නොගියහොත් ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවන්නේ ඉතා කේඩෑරි වූ ව්‍යාපාරයක් ලෙස බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here