Home උණුසුම් පුවත් මාළිමාවේ රැස්වීමට පහරදුන් 06ක් අල්ලයි

මාළිමාවේ රැස්වීමට පහරදුන් 06ක් අල්ලයි

0
මාළිමාවේ රැස්වීමට පහරදුන් 06ක් අල්ලයි

පොතුහැර පනාගමුව ග්‍රාමයේ පැවති ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්මට්ටමේ රැස්වීමකට කළ පහරදීමකට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙක් වීරඹුගෙදර පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ ත්අඩංගුවට ගෙන ඇත.

පොතුහැර පනාගමුවේ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් අතර නිවුන් සහෝදරයින් දෙදෙනෙක්ද සිටින බව පොලීසිය කියයි.

මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 06 වෙනිදාය. එහිදී පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී සෝමරත්න එදිරිසිංහ මහතා ඇතුළු දෙදෙනක් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත්කර තිබුණි.

බීමතින් සිටි කණ්ඩායමක් රැස්වීම් භූමියට කඩා වැදී අසභ්‍ය වචන කියමින් පහරදුන් බව ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ශවයෙන් පොලීසියට පැමිණිලිකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here