Home උණුසුම් පුවත් දඹුල්ල පරදා සොෆ්ලොජික් කළම්බො ස්ටාර්ස් ජයගනී

දඹුල්ල පරදා සොෆ්ලොජික් කළම්බො ස්ටාර්ස් ජයගනී

0
දඹුල්ල පරදා සොෆ්ලොජික් කළම්බො ස්ටාර්ස් ජයගනී

දඹුල්ල අයුරා කණ්ඩායම පරාජයට පත් කරමින් අද (08) පැවැති එල්.පී.එල් තරගය ලකුණු 9කින් ජය ගැනීමට ඇන්ජලෝ මැතිවුස්ගේ නායකත්වයෙන් යුතු සොෆ්ලොජික් කළම්බො ස්ටාර්ස් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.

පළමුව පන්දුවට පහර දුන් සොෆ්ලොජික් කළම්බො ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තේය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල පන්දු හතළිස් එකකදී වේගවත් ලකුණු 62ක් ලබා ගත්තේය. ඊට හයේ පහර දෙකක් ද ඇතුළත් විය.

රවි බෝප්රා සහ දිනේෂ් චන්දිමාල් සොෆ්ලොජික් කළම්බො ස්ටාර්ස් ඉනිම ශක්තිමත් කරමින් පිළිවෙලින් ලකුණු 26ක් හා 29ක් ලබා ගත්හ.

ලකුණු 166ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල අයුරා කණ්ඩායම ලකුණු 156කට සීමා කිරීමට සොෆ්ලොජික් කළම්බො ස්ටාර්ස් පන්දු යවන්නෝ සමත්වූහ. ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුලු 07ක් දැවී ලකුණු 156කි. නායක දසුන් ශානක පන්දු විස්සක දී නොදැවී ලකුණු 31ක් ලබාගත්තත් ජයග්‍රහණයට ඔහුගේ සහ ටොම් ඇබෙල්ගේ ලකුණු 33 ප්‍රමාණවත් නොවීය.

දඹුල්ල කණ්ඩායම දඩයම් කිරීමේ නියමුවන් ලෙස සුරංග ලක්මාල්, ඩොමිනික් ඩ්‍රැකේස් සහ කරීම් ජැනට් කඩුලු 2 බැගින් දවා ගත්හ.

තරගයේ වීරයා සම්මානය නිරෝෂන් දික්වැල්ලට හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here