Home උණුසුම් පුවත් මීගමුවේ හෝටලයකදී පලස්තීන් සරණාගතයෙකුට ප්‍රහාරයක්

මීගමුවේ හෝටලයකදී පලස්තීන් සරණාගතයෙකුට ප්‍රහාරයක්

0
මීගමුවේ හෝටලයකදී පලස්තීන් සරණාගතයෙකුට ප්‍රහාරයක්

මීගමුව ඒත්තුකාල සංචාරක කලාපයේ පිහිටි හෝටලක් තුළදී එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද කොමසාරිස් කාර්යාලයේ රැකවරණය මත

සරණාගතයෙකු ලෙස මෙරට රැදී සිටින පලස්තීන ජාතිකයෙකුට ඊයේ කිසියම් පිරිසක් විසින් පහරදී පළාගොස් තිබේ.

MOHOMAD T.M. QUADAIN නැමැති 28 වියැති එම පලස්තීන ජාතිකයා මීගමුව රෝහලට ඇතුලත්ව මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම පලස්තීන් ජාතිකයා වසර ගණනාවක් තිස්සේම මීගමුවේ රැදී සිටින අයෙක් බව පොලීසිය කියයි. අවස්ථා කිහිපයකදීම මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම්

සම්බන්ධයෙන්ද මෙම පලස්තීන ජාතිකයා පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති බව මීගමුව පොලීසියේ උසස් නිලධාරියෙක් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here