Home උණුසුම් පුවත් කෝටි 06ක චෙක් වංචාවකට ඌවතැන්නේ සුමන හිමි රක්ෂිතයට

කෝටි 06ක චෙක් වංචාවකට ඌවතැන්නේ සුමන හිමි රක්ෂිතයට

0
කෝටි 06ක චෙක් වංචාවකට ඌවතැන්නේ සුමන හිමි රක්ෂිතයට

සමාගමක අධ්‍යක්ෂකවරයෙක් ලෙස සිටිමින් රුපියල් කෝටි 06ක පොල්තෙල් මිලදී ගෙන අගරුචෙක්පත් ලබාදී කළ වංචාවක් සම්බන්ධයෙන් මාළිගාවත්ත

බෝධිරාජාරාමාධිපති ඌවතැන්නේ සුමන හිමිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක

මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

දෙමටගොඩ පිහිටි පුද්ගලික ආයතනයක කළමනාකරුවෙක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණීජ අපරාධ විමර්ශන කොට්ඨාශයට කළ

පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා උන්වහන්සේව අත්අඩංගුවට ගනු ලැබුවේ අද දහවල්ය.

මෙම හිමිනම පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙක්ව සිටිමින් ඉකුත් ජුලි මාසයේදී රුපියල් පන් කෝටි අසූ අට ලක්ෂයක් වටිනා පොල්තෙල් කිලෝ 84,240ක්

ලබාගෙන ඊට චෙක්පත් අටක් නිකුත් කර ඇති බවත්, පසුව එම චෙක්පත් අගරු වී ඇති අතර එම මිලදී ගැනීමට මුදල් නොදී වංචා කර ඇති බවත් අපරාධ

පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here