Home උණුසුම් පුවත් පොලිස් වෙසින් සිදුවන කොල්ලකෑම් ඉහළට

පොලිස් වෙසින් සිදුවන කොල්ලකෑම් ඉහළට

0
පොලිස් වෙසින් සිදුවන කොල්ලකෑම් ඉහළට

පොලිස් වෙසින් රටපුරා මේ දිනවල සිදුවන කොල්ලකෑම් ඉහළ යමින් ඇතැයි පොලිස් මූලස්ථානයට දෛනිකව ලැබෙන අපරාධ දත්ත විමර්ශනයේදී පෙනී යයි.

ගෙවී ගිය මාසය තුළ පමණක් පොලිස් වෙමින් රටපුරා සිදුව ඇති කොල්ලකෑම් ගණන 20කට වැඩිය.

කෑගල්ල පොලිස් වසමේ ගලිගමුවේ පිහිටි නිවසකටද ඊයේ පොලිස් වෙසින් කඩාවැදුණු තිදෙනෙක් රුපියල් ලක්ෂ 18කට අධික මුදල් සහ රන් භාණ්ඩ කොල්ලා පළාගොස් තිබුණි.

ඒ වන විට එම නිවසේ රැදී සිට ඇත්තේ නිවෙස් හිමිකරු සහ ඔහුගේ මිතුරන් තිදෙනෙකි. ඒ අයව නැගිට්ටුවා දණ ගස්සවමින් මෙම කොල්ලය කර ඇති බව කෑගල්ල පොලීසිය කියයි.

මෙසේ පොලිස් වෙසින් කරනු ලබන කොල්ලකෑම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන සැකකරුවන් ද මත්කුඩු ලෝලීන් බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here