Home උණුසුම් පුවත් රජයේ නිලධාරීන්ගේ ‘පහසු ඇඳුම’ චක්‍රලේඛය අහෝසියි

රජයේ නිලධාරීන්ගේ ‘පහසු ඇඳුම’ චක්‍රලේඛය අහෝසියි

රජයේ නිලධාරීන්ගේ ‘පහසු ඇඳුම’ චක්‍රලේඛය අහෝසියි

රජයේ නිලධාරීන්ට පහසු ඇඳුමක් පැළඳිය හැකි බව සදහන් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිකුත් කර තිබූ චක්‍රලේඛය අහෝසි කර තිබේ.

ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය 2019 ජුනි 26 දින සහ 2022 සැප්තැම්බර් මස 27 වැනි දින නිකුත් කර තිබූ රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධ ඇතුළත් චක්‍රලේඛ අහෝසි කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ එම්.එන්.පී.කේ.මායාදුන්න මහතා පැවසීය.

මාණ්ඩලික ශ්‍රේණිවල නිලධාරීන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් 1989 වසරේ නිකුත් කර තිබූ චක්‍රලේඛය පමණක් තවදුරටත් වලංගු වන බව ද බවද ලේකම්වරයා කීය.

රජයේ මාණ්ඩලික නිලධාරීන්ට ජාතික ඇඳුම, ටයි පටිය සහිත යුරෝපා ඇඳුම, කරපටිය සහිත කමිසය සහ කලිසම පැළඳිය හැකි බව 1989 රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වන බව ද මායාදුන්න මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here