Home උණුසුම් පුවත් ජනපතිට ටිකට් එක ඇදෙයිද?

ජනපතිට ටිකට් එක ඇදෙයිද?

ජනපතිට ටිකට් එක ඇදෙයිද?

මහජන සම්පත 5000 වන දිනුම් ඇඳීමට අදාළ පළමු ටිකට්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අලෙවි කිරීම අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති ජනාධිපති නීතිඥ රොන්ල්ඩ් සී පෙරේරා මහතා විසින් ටිකට්පත ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් ද, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි නීතිඥ හෂිනි ජයසේකර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ඩී.ඩී. ජයසිරි, නීතිඥ අසංක රන්දෙනිය, සහකාර සාමාන්‍යාධිකාරි (අළෙවි) මෙනුර චතුරංග, සහකාර සාමාන්‍යාධිකාරී (ප්‍රසම්පාදන) සුනෙත් ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට ඒක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here