Home උණුසුම් පුවත් කබ්රාල්ට තවදුරටත් රට යන්න බෑ

කබ්රාල්ට තවදුරටත් රට යන්න බෑ

කබ්රාල්ට තවදුරටත් රට යන්න බෑ

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබෙන විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි.

2006 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් සිදු කළ පුද්ගලික පැමිණිල්ල අද (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවිණ.

එම අවස්ථාවේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් මූලික විරෝධතා මතු කළහ.

එම මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන දෙසැම්බර් මස 15 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here