Home උණුසුම් පුවත් හැනෝයි ජාත්‍යන්තර සිනමා උළෙලේදී ලාංකික නළුවන් 7කට සම්මානයක්

හැනෝයි ජාත්‍යන්තර සිනමා උළෙලේදී ලාංකික නළුවන් 7කට සම්මානයක්

හැනෝයි ජාත්‍යන්තර සිනමා උළෙලේදී ලාංකික නළුවන් 7කට සම්මානයක්

වියට්නාමයේ පැවැත්වෙන හැනෝයි ජාත්‍යන්තර සිනමා උළෙලේදී අරුණ ජයවර්ධනගේ මාරියා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් 7 දෙනෙකු හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

මෙම හැනෝයි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 6 වැනි වරටයි.

සම්මානයට පාත්‍රවූවන් අතර පසුගියදා අභාවප්‍රාප්ත වූ රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් මහතා ද වේ.

හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ සෙසු රංගන ශිල්පීන් වන්නේ හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, දසුන් පතිරණ, ප්‍රියන්තසිරි කුමාර, අශාන් ඩයස් සහ සුරන් දසනායක යන මහත්වරුන් ය.

ඔවුන් වෙනුවෙන් සම්මානය ලබාගත්තේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන මහතායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here