Home උණුසුම් පුවත් මන්ත්‍රී හිමියන්ට පහරදුන්නාට මහියංගන ප්‍රා.සභා සභාපති අත්අඩංගුවට

මන්ත්‍රී හිමියන්ට පහරදුන්නාට මහියංගන ප්‍රා.සභා සභාපති අත්අඩංගුවට

0
මන්ත්‍රී හිමියන්ට පහරදුන්නාට මහියංගන ප්‍රා.සභා සභාපති අත්අඩංගුවට

මහියංගනය ප්‍රදේශිය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන්ට වතුර බෝතලයකින් පහරදීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව එම ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.පී.ගුණවර්ධන මහතාව අද අත්අඩංගුවට ගත්තේය.

ඒ ප්‍රාදේශීය සභාවට පැමිණ සභාපතිවරයාගේ නිල කාමරයේදීය.

මෙම පහරදීම සිදුවූයේ යැයි කියැවෙන්නේ ඉකුත් සභාවාරයේදීය. වටරැක විජිත හිමියන් පවසන්නේ එම සභාවාරයේදී සභාවට යොමු කළ ප්‍රශ්නයකට කේන්ති ගිහින් තමන්ට සභාපතිවරයා වතුර බෝතලයකින් පහරදුන් බවය.

වටරැක හිමියන්ගේ පැමිණිල්ලට අනුව පොලීසිය අද සභාපතිවරයාව අත්අඩංගුවට ගනු ලබන්නේ 2023 වර්ෂය සඳහා සභාවේ අයවැය ඡන්ද විමසීම අද අවසන් වීමත් සමගිනි. එම ඡන්ද විමසීමෙන් පක්ෂව ඡන්ද 13ක්ද විපක්ෂව ඡන්ද 07ක්ද ලැබී තිබුණි. මන්ත්‍රීවරු දෙදෙනෙක් සභාවට පැමිණ සිට නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here