Home උණුසුම් පුවත් මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතකයා පදවියෙන් හසුවෙයි

මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතකයා පදවියෙන් හසුවෙයි

0
මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතකයා පදවියෙන් හසුවෙයි

මිනුවන්ගොඩ ගමන්ගෙදර නිවසකට කඩා වැදී පියෙක් සහ පුතුන් දෙදෙනෙකුට වෙඩි තබා පළාගොස් මාසයකට වැඩිකාලයක් තිස්සේ පොලීසියට කට්ටිපනිමින් සැඟවී සිටි වෙඩික්කරුවා පදවිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

ගුවන් හමුදාවෙන් පළාවිත් සිටින සෙබලෙක් වන ඔහු ජයගොඩගේ සංජීව දෝන සංජීව ලක්මාල් නැමැති අයෙකි.

සිය මිතුරෙකුගේ මවක් පදිංචිව සිටින පදවිය 18 කණුවේ පිහිටි නිවසක ඔහු මෙසේ සැඟව සිට ඇත්තේ පසුගිය ඔක්තෝබර් 29 වෙනිදා සිට බව හෙළිවී ඇත.

මෙම පුද්ගලයාගේ හැසිරීම ගැන සැක සිතූ ගම්වැසියෙක් මේ පුද්ගලයා ගැන පදවිය පොලීසියට කළ දැනුම් දීමකට අනුව පොලීසිය ඔහුගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමට ගිය විට පොලීසිය දැක ඔහු පළාගොස් ඇති බවත් මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු ඔහු බව හදුනාගෙන ඇත්තේ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here