Home උණුසුම් පුවත් මුහුදේ පාවුණු හෙරොයින් කිලෝ 25ක් බෙදාගත් ධීවරයින් පිරිසක් සොයයි

මුහුදේ පාවුණු හෙරොයින් කිලෝ 25ක් බෙදාගත් ධීවරයින් පිරිසක් සොයයි

0
මුහුදේ පාවුණු හෙරොයින් කිලෝ 25ක් බෙදාගත් ධීවරයින් පිරිසක් සොයයි

මුහුදේ පාවෙමින් තිබුණු පොලිසැක් උර දෙකක තිබී හමුවූ හෙරොයින් කිලෝ 25ක් ගොඩබිමට රැගෙන විත් බෙදාගත් ධිවර කාර්මිකයින් හය දෙනෙක් සහ ධිවර යාත්‍රා හිමිකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භකර තිබේ.

ධිවරයින් පිරිසකට මහා මුහුදේදී හමුවූ හෙරොයින් තොගයක් ඔවුන් විසින් බෙදාගෙන ඇතැයි හෙළිවී ඇත්තේ පසුගිය 06 වෙනිදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මාතර උප ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තංගල්ල කුඩාවැල්ලේදී හෙරොයින් ග්‍රෑම් 544යි මිලිග්‍රෑම් 300ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදීය.

මෙම සැකකරු වයස අවුරුදු 43ක් පමණ වන නාකුළුගමුවේ පදිංචිකරුවෙකි. මෙම සැකකරුව තංගල්ල අධිකරණයට ඉදිරිපත්කර දිව 07ක රැදවුම් නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත ඊයේ (07) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් බේරුවල අබේපිටිය ප්‍රදේශයේ නිවක් සොද්දි කර හෙරොයින් මත්කුඩු ඇසුරූ පාර්සල් 07ක් සොයාගෙන තිබුණි. එම පාර්සල් කිරා බැලීමේදී ඒ තුළ තිබී හොරොයින් කිලෝ 08යි ග්‍රෑම් 304ක් තිබුණු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සඳහන් කළේය. හම මත්ද්‍රව්‍ය තොගය සමඟ බේරුවල පදිංචි අවුරුදු 42ක් වයසැති ධිවර කාර්මිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

සැකකරු කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 07ක් රදවාගෙන විමර්ශනයක් පැවැත්වීමට නියෝගයක්ද ලැබුණු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේය.

ඒ අනුව මෙම සැකකරු රදවාගෙන කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 11 වෙනිදා කුඩාවැල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ධිවරයන් පිරිසකට මෙම හෙරොයින් තොගය හමුවී ඇති බවය. පොලිසැක් උර 03ක බහා එකිනෙකට ගැටගසා තිබී ඇති එම හෙරොයින් තොගය ගොඩබිමට රැගෙන විත් බෙදා ගෙන ඇත්තේ බෝට්ටුවේ හිමිකරු සමඟ එක්වය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙරොයින් තොගය හමුවන විට යාත්‍රාවේ සිටි ධිවරයින් දෙදෙනක් බවද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here