Home උණුසුම් පුවත් කන්දකාඩුවල 202ක් රිමාන්ඩ් – තවත් පිරිසක් සොයයි

කන්දකාඩුවල 202ක් රිමාන්ඩ් – තවත් පිරිසක් සොයයි

කන්දකාඩුවල 202ක් රිමාන්ඩ් – තවත් පිරිසක් සොයයි

කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් 202ක් ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ පෙරේදා (06) රාත්‍රියේ දහයට පමණ එහි සිදුවූ ගැටුමට අදාළව අත්අඩංගුවට ගත් රැඳවූවන් පොළාන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කළ අවස්ථාවේදී ය.

ගැටුමේ දී අතුරුදන් වූ තවත් රැදවූවන් තුන්දෙනෙකු ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇති අතර තවත් රැඳවූවන් 30 දෙනෙකු පමණ අතුරුදන් බව වාර්තා වේ.

පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගියදා ගැටුමක් හටගත් අතර පිරිසක් පලාගොස් තිබුණි.

ගැටුම හටගන්නා අවස්ථාවේ රැදවියන් 547 දෙනෙකු එහි සිට ඇත.

ගැටුම අවස්ථාවේ පලා ගිය සහ ගැටුමට සම්බන්ධ වූ 211 දෙනෙකු අධිකරණ කටයුතු සදහා පොලිස් භාරයට ගැනුණි.

ගැටුම් තත්ත්වය පාලනය කිරීම සඳහා අරලගන්විල, මනම්පිටිය, වැලිකන්ද, හිඟුරක්ගොඩ, පුලස්තිගම යන පොලිස් ස්ථානවලින් සහ යුද හමුදා සාමාජිකයින්ද කැඳවීමට සිදුවිය.

එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් කඩිනමින් තමන්ට ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතාට දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here