Home උණුසුම් පුවත් පාන් පිටි මිල අඩුවට

පාන් පිටි මිල අඩුවට

පාන් පිටි මිල අඩුවට

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 250 සීමාව තුළ පවත්වාගෙන යාහැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පවසන්නේ එළඹෙන උත්සව සමය අවසන්වන තෙක් වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල එම මට්ටමේ තබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ය.

තිරිඟු පිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදෙන ලෙසට ද එම සංගමය බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටී.

වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල ඊයේ (28) වනවිට රුපියල් 250 දක්වා අඩුවී ඇත.

දෙසැම්බර් 31 වනදා දක්වා විවෘත ගිණුම් ක්‍රමය හරහා තිරිඟු පිටි ආනයනය සඳහා වෙළෙඳ අමාත්‍යාංශය අවසර ලබාදීම මෙලෙස තිරිඟු පිටි මිල පහළයාමට හේතුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here