Home උණුසුම් පුවත් ඛනිජතෙල් සේවකයෝ අද ලෙඩවෙති – ඇමති නීති මඟට

ඛනිජතෙල් සේවකයෝ අද ලෙඩවෙති – ඇමති නීති මඟට

ඛනිජතෙල් සේවකයෝ අද ලෙඩවෙති – ඇමති නීති මඟට

හෙට(18) දිනයේ ඛනිජ තෙල් සේවකයන් සියලු දෙනාම අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වළකින බව ඛනිජතෙල් පොදු සේවක සංගමය පවසයි.

ඒ හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නිියමිත ඛනිජ තෙල් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව ය.

ඛනිජතෙල් පොදු සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ඛනිජතෙල් ශාඛාව), පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය, ආදී ඛනිජතෙල් වෘත්තිය සංගම් අද මීට විරෝධය පළ කළේය.

ඔවුන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර බහුජාතික සමාගම්වලට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඛනිජ තෙල් ගබඩා පර්යන්තය මෙමගින් ඈවර වන බවත් මෙමගින් ඉදිරියේදී තෙල් මිල ද කිහිප ගුණයකින් ඉහළ යාමේ අවදානම පවතින බවයි.

එබැවින් මෙම පනත හකුලා ගන්නා ලෙසත්, සාකච්ඡාවකට තමන් කැඳවන ලෙසත් ඛනිජ තෙල් සංගම් රජයෙන් ඉල්ලා සිටී.

මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ “ඛනිජ තෙල් සේවාව පසුගිය මාස 6 තුළ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෛනවා. කිසියම් සේවකයෙකු හෝ වෘත්තීය සමිතියක් අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි උල්ලංඝණය කරමින් සේවා කඩාකප්පල් කරන බව අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව වහාම නීතිමය සහ විනයානුකූල ක්‍රියාමාර්ග ගනු ලබනවා” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here