Home උණුසුම් පුවත් නෙළුම් කුලුනේ නැරඹුම් වේලාවේ වෙනසක්

නෙළුම් කුලුනේ නැරඹුම් වේලාවේ වෙනසක්

0
නෙළුම් කුලුනේ නැරඹුම් වේලාවේ වෙනසක්

සාමාන්‍ය ජනතාවට නැරඹිමට අවස්ථාන උදාවූ දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැලකෙන ‘කොළඹ නෙළුම් කුලුන’ නැරඹිමට මෙතෙක් වෙන් කෙරුණු

කාලය තවත් පැය දෙකකින් දීර්ඝ කර තිබේ.

නරඹන්නන් සඳහා විවෘතව තැබෙන කාලය පැය දෙකකින් දීර්ඝ කර ඇතැයි

ඒ අනුව හෙට (20) සිට සතියේ දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 10.00 දක්වාත් සති අන්තයේ උදෑසන 10.00 සිට රාත්‍රී 11.00 දක්වාත් නෙළුම් කුලුන නරඹන්නන්

වෙනුවෙන් විවෘතව තැබෙන බව නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන්

කළේය.

වැඩි පිරිසක් මේ වන විට නෙළුම් කුලුන නැරඹිමට රට වටෙන්ම පැමිණෙමින් ඇති බැවින් විශාල තදබදයක්ද ඇතිවී තිබේ. එය අපේක්ෂා කළ තත්ත්වයට වඩා

ඉහළ අගයකි. ඊයේ දිනයේ පැය ගානක් පෝලිම්වල රැදී සිටීමටද කුලුන නැරඹිමට පැමිණි ජනතාවට සිදුවිය. ඒ තත්ත්වය මත රුපියල් 2000 ටිකට්පත් නිකුත්

කිරීම අත්හිටවූ බව මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය. ඒ අනුව වෙනසක් නොමැතිව පැමිණෙන සෑම අයෙකුටම රුපියල් 500 ප්‍රවේශපත්‍ර නිකුත්

කෙරන බවද ඔහු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here