Home දේශීය පුවත් දොස්තරට පිහියක් පෙන්වා වෛද්‍ය මධ්‍යස්ථා නයක් කොල්ලකයි

දොස්තරට පිහියක් පෙන්වා වෛද්‍ය මධ්‍යස්ථා නයක් කොල්ලකයි

0

අහංගම ඉමදූව පාරේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට රෝගියෙක් ලෙස පැමිණි පුද්ගලයෙක් වෛද්‍යවරයාට පිහියක් පෙන්වා රුපියල් 13,000ක මුදලක්

සහ වෛද්‍යවරයාගේ සහයිකාවගේ ගෙල බැදි රුපියල් ලක්ෂයකට වැඩි වටිනාකමක් ඇති පවුමක රන් මාලය කඩාගෙන පළාගොස් තිබේ.

කොල්ලකරු රෝගියෙක් ලෙස වෛද්‍යවරයා මුණ ගැසීමට ඊයේ රාත්‍රී කාලයේ පැමිණ රෝගීන් කිසිවෙකුත් නොමැතිවන තුරු රැදී සිට ඇත. අනතුරුව ඔහු

වෛද්‍යවරයා වෙත ගොස් උල් පිහියක් පෙන්වා මුදල් ඉල්ලා තිබේ. එවිට වෛද්‍යවරයා ඔහුට බියක් නොදක්වා ඇත. ඊට කොල්ලකරු කළබල වී ඇති බවත්

වෛද්‍යවරයා ඔහු අසුන් ගෙන සිටි පුටුවෙන් නැගිට කොල්ලකරු අසලට එන විට ඔහු පස්සෙන් පස්සට යන්නට පටන්ගෙන තිබේ. එහිදී වෛද්‍යවරයා පය පැටලී

බිම වැටී ඇති බවත් එහී කොල්ලකරු වෛද්‍යවරයාගේ ඇඟට පැන ඔහුට පිහියෙන් ඇනීමට තැත්කර ඇත. එවිට වෛද්‍ය මධ්‍යස්ථානයේ ඖෂධ නිකුත් කරන

සේවිකාව කෑගසා ඒ වන විට ප්‍රතිකර මගින් රැස්ව තිබුණු රුපියල් 13,000ක මුදලක් ඔහුට ලබාදී තිබේ. එම මුදල අතට ගත් කොල්ලකරු පළාගොස් ඇත්තේ

ඇගේ ගෙල බැදි රන්මාලයද කඩාගෙනය.

අහංගම පොලීසියට මේ ගැන වෛද්‍යවරයා විසින් පැමිණිල්ලක්ද ඉදිරිපත්කර තිබේ. ඒ අනුව අහංගම පොලීසිය මෙම කොල්ලකරු අත්අඩංගුවට ගැනීමට

විමර්ශන ආරම්භකර ඇත. ඔහු මත්කුඩු වලට ඇබ්බැහි ළුී සිටින්නෙක් බව පොලීසිය සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here