Home උණුසුම් පුවත් මාකට් එකේ ආනයනික සහල් ගැන මෙතෙක් කිසිම පරීක්ෂණයක් නෑ

මාකට් එකේ ආනයනික සහල් ගැන මෙතෙක් කිසිම පරීක්ෂණයක් නෑ

මාකට් එකේ ආනයනික සහල් ගැන මෙතෙක් කිසිම පරීක්ෂණයක් නෑ

වෙළදපොළේ පවතින ආනයනික සහල් තොග පිළිබද කිසිදු පරීක්ෂණයක් තවමත් සිදු කර නොමැති බව පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය පවසයි.

වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර් ලසන්ත රණවීර ප්‍රකාශ කළේ දැනට වෙළදපොලේ පවතින ආනයනික සහල් තොගවල විෂ රසායන පවතිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ කළ හැක්කේ ඒ පිළිබදව පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව බවයි.

ආනයනික සහල්වල විෂ රසායන අඩංගු බවට 2017 වසරේ සිදු කළ පර්යේෂණ වාර්තාවක් ඇසුරෙන් මාධ්‍ය වාර්තා පළ කර ඇති බව වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා සදහන් කළේය.

කෙසේවෙතත් එම පර්යේෂණ වාර්තාවේ තොරතුරු ද වැරදි ලෙස මෙම මාධ්‍ය වාර්තාවල සදහන් කර ඇති බව වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර් ලසන්ත රණවීර වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here