Home උණුසුම් පුවත් සමහර තැන්වල අහඹු පරීක්ෂණවලට සෞඛ්‍ය අංශ ඇවිත් නෑ

සමහර තැන්වල අහඹු පරීක්ෂණවලට සෞඛ්‍ය අංශ ඇවිත් නෑ

සමහර තැන්වල  අහඹු පරීක්ෂණවලට  සෞඛ්‍ය අංශ ඇවිත් නෑ

අංජනා මල්ලවආරච්චි

බස්නාහිර පළාතෙන් පිට වන සහ එම පළාතට ඇතුළු වන්නන් ස්ථාන 12කදී අහඹු ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කරන බවට ප්‍රකාශ කෙරුණද අද ස්ථාන කිහිපයක එම කටයුතු සිදු නොවූ බව වාර්තා වේ.

මීගමුව කොච්චිකඩේ තොප්පුව පාලම අසල සහ නිට්ටඹුව ප්‍රදේශයේ එවැනි අහඹු පරීක්ෂණ සිදුකිරීමට අද පෙරවරුවේ සිටම ආරක්ෂක අංශ සූදානමින් සිටියද සෞඛ්‍ය අංශ නිලධාරීන් ඊට එකඟ නොවීම නිසා එම පරීක්ෂණ සිදු නොවූ බව වාර්තා වේ.

මේ පිළිබඳ කළ විමසුමකදී ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සඳහන් කළේ එවැනි අහඹු පරීක්ෂණ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී නැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here