Home උණුසුම් පුවත් කිඹුලාඇල ගුණාගේ ගෝලයා මරන්න ගිනිඅවිය දුන් පූකුඩිකන්නාගේ ගෝලයා කොටුවේ

කිඹුලාඇල ගුණාගේ ගෝලයා මරන්න ගිනිඅවිය දුන් පූකුඩිකන්නාගේ ගෝලයා කොටුවේ

0
කිඹුලාඇල ගුණාගේ ගෝලයා මරන්න ගිනිඅවිය දුන් පූකුඩිකන්නාගේ ගෝලයා කොටුවේ

මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යමින් මෝදර අලුත් පාරේදී පාතාල නායක කිඹුලා ඇල ගුණාගේ ගෝලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුට ගිනි අවිය ලබාදුන් බව කියන පූකුඩිකන්නා නැමැති පාතාලයේ අපරාධකරුගේ ප්‍රධාන ගෝලයෙකුව පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගෙන ඇත්තේ බුද්ධික ප්‍රනාන්දු නැමැති 36 වියැති මත්කුඩු ජාවාරමට සම්බන්ධ අයෙකි. කොටහේනේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්ගස්ඕවිට පන්සල පාරේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 133ක්ද හමුවී තිබේ.

පසුගිය ජුනි 06 වෙනිදා මෝදර අලුත් පාරේ දී වෙඩි තැබීම සිදුවී ඇති අතර එහිදී ඝාතනය වන්නේ විනෝදන් නැමැති අයෙකි.

එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට විශේෂ කාර්ය බලකාය විසින් මෙයට පෙර සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් සිව් දෙනා අතර කට්රිස්වාන් නැමැති පාතාලයේ අපරාධකරුද සිටියේය.

පූකුඩිකන්නාත් කිඹුලා ඇල ගුණාත් දෙදෙනාම මේ වන විට සිටින්නේ ඉන්දියාවේ හිරේය. ඔවුන් හිරගෙදර සිට මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයවමින් සිටින බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු මෝදර පොලිසීයට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here